Sri Gnanodaya Central College Divulapitiya

Saturday, April 25, 2020

රටක් වටින පොතක්



♦️රටක් වටින පොතක් ♦️

දයාබර දරුවනි,

වර්තමානයේ ලොව පුරා පැතිර යන COVID 19 වසංගත රෝග තත්ත්වය හේතුවෙන් මෙරට 43 ලක්ෂයකට ආසන්න පාසැල් දූදරුවන් තම නිවෙස්වලට වී කාලය ගත කරති.එම දරුදැරියන් තුළ චිත්ත ශක්තිය, නිර්මාණ ශක්තිය හා අභියෝග ජය ගැනීමේ ශක්තිය වර්ධනය කිරීමේ අරමුණෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය හා එක්ව සිදුකරන පොත් 10,000 ලිවීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් දියත්කර ඇත. 

ආදරණීය පාසල් දුවා දරුවන් වර්තමානයේ ලෝකයේ පැතිර යන අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් නිවෙස් තුළට වී කාලය ගත කරයි. පොතපත කියවීමෙන් මෙම කාලය තුළ තම දැනුම වර්ධනය කර ගැනීමට දරුවන්ට සිදුව ඇත. පොත් කියවන දරුවන්ට තවත් කාර්යයක් කිරීමට අප ආරාධනය කරමු. ඒ පොත් ලිවීමටයි. මේ ව්‍යසනය අතරතුර ඔබගේ නිසඟ හැකියාවන් ඔප්නංවා ගැනීමට පෙළ ගැසෙමු. ලියන්නට පටන් ගනිමු. ඔබ ලියන ලද පොත් ඔබේ පාසල ආරම්භ කළ පසු ගුරුවරුන් ලවා යළිත් සංශෝධනය කරවාගෙන විදුහල්පතිතුමා හෝ තුමිය මගින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමා හෝ තුමිය වෙත යැවිය යුතුය. කලාප අධ්‍යක්ෂ එම පොත් වලින් හොඳම පොත් තෝරා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යැවිය යුතු අතර පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එම පොත්වලින් තෝරාගත් හොඳම පොත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එවනු ඇත. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය හොඳම පොත් දස දහසක් ප්‍රකාශයට පත් කරනු ඇත. සෑම පාසලක්ම  එක් පොතක්වත් ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වේ. මෙය තරගයක් ආකාරයට පැවැත්වේ. මේ මගින් ඔබට ළමා කතුවරුන් බවට පත්විය හැකිය.  එසේම ඔබට රාජ්‍ය සම්මාන ද හිමි වනු ඇත.

ඔබ 1 වසරේ සිට 13 වසර දක්වා රජයේ හෝ ජාත්‍යන්තර පාසැලක ඉගෙන ගන්නා දරුවෙක් නම් COVID -19 තත්ත්වය හේතුවෙන් ලබා දී ඇති නිවාඩු කාලය තුළ මෙම තරගය වෙනුවෙන් ග්‍රන්ථයක් ‍රචනා කළ හැකයි. මේ සදහා වන නීති රීති, නිර්ණායක පහත දැක්වේ.

නිර්ණායක

1. වයස් කාණ්ඩ : 1 වසරේ සිට 13 වසර දක්වා 
        
2. සිංහල/ දෙමළ/ ඉංග්‍රීසි ‍යන භාෂා ත්‍රිත්වයෙන්ම ග්‍රන්ථකරණයේ යෙදීමට හැකිය. 

3. පොත් වර්ග (ශානර)
ළමා කතන්දර
පද්‍ය රචනා
යොවුන් සාහිත්‍ය කෘති
කෙටිකතා
නවකතා
නාට්‍ය රචනා
පරිවර්තන
ඓතිහාසික කතා 
මායා කතා 
මිථ්‍යා කතා 
අභිරහස් කතා 
උපමා කතා 
ජන කතා 
විද්‍යා ප්‍රබන්ධ 
පරිසර විත්ති 
චරිතාපදාන 
ස්වයංචරිතාපදාන 
සුරංගනා කතා 
අතිශයෝක්ති කතා 
ආගමික කතා 
වීර කතා
විෂයානුබද්ධ පොත් 
පුරාවෘත්ත
මිශ්‍ර යන ඕනෑම කාණ්ඩයකින් එකක් තෝරා ගත හැකිය.

5. කෙටිකතා සංග්‍රහයක් නම්, අවම වශයෙන් කෙටි කතා 5 ක් ඇතුළත් විය යුතුය. 

6. පද්‍ය සංග්‍රහයක් නම් පද්‍ය 20 කට වැඩි 50 කට නොවැඩි විය යුතුය.

7. නවකතාවක් නම්, පරිගණකගත කළ පසු A5 පිටු අවම වශයෙන් පටු 120 ක් පැවතිය යුතුය. 

8. ළමා කතන්දර පොතක පිටු 16 ක් වත් තිබිය යුතුයි. අනිකුත් පොත්වල පිටු ගණන 49 ට වැඩි හා 150ට අඩු විය යුතුයි. 

9. දහවන ශ්‍රේණිය දක්වා ඉගෙන ගන්නා දූ පුතුන්ට ළමා කතන්දර ලියා එවිය හැකිය. මෙම ළමා කතන්දර පොත් වර්ණ පිටු හා චිත්‍ර සහිත විය හැකිය.

10. සෑම පොතක්ම A4 කඩදාසිවල ලිවිය යුතුයි. 

11. සෑම පොතක් ම පරිගණක යතුරු ලියනය කර තිබිය යුතුයි.

12. සෑම පොතක්ම දෘඩ පිටපතක් හා මෘදු පිටපතකින් යුක්ත විය යුතුය. 

13. ඡායාරූප ඇත්නම් හැකි සෑම විටම  ඒවා කළු සුදු ඡායාරූප 
විය යුතුයි. වර්ණ ඡායාරූප 4 colours විය යුතුයි. ඡායාරූප දක්වා ඇති අවස්ථාවල කිසිදු පුද්ගලයකු පෞද්ගලික ව හඳුනා ගැනීමට නොහැකි වන ආකාරයේ ඡායාරූප පමණක් එකතු කළ යුතුය. (ඡායාරූපවල මුහුණ ප්‍රදේශ අඳුරු කළ යුතුය.) 

14. සත්‍ය නම් ගම් සහිතව රචනා නොකළ යුතුය. සියලු නම් ගම් මනඃකල්පිත විය යුතුය.

15. ළමා කතන්දර වල පරිගණක අකුරු ප්‍රමාණය 14 විය යුතුයි. අනෙක් පොත්වල අකුරු ප්‍රමාණය 12 විය යුතුයි. පේළි අතර පරතරය 1.5 ක් විය යුතුය. පිටු ප්‍රමාණය 16 වැඩිවිය යුතුය. 

16. මාතෘකාවක් හා පේළිය අතර පරතරය පරිගණක පුවරුවට අනුව 2 ක් විය යුතුය.

17. ලියනු ලබන පිටුවක වට ඉඩ ප්‍රමාණය පහත පරිදි විය යුතුය. වම් අත අඟල් 1.5 ක ඉඩක් ද, ඉතිරි තුන් පැත්ත අඟල බැගින් ඉඩක් ද තබා ලිවිය යුතුය. (පරිගණක ආශ්‍රයෙන් බව සලකන්න) 

18. අකුරු වර්ගය iskolepotha විය යුතුය.

19. පිට කවරය වර්ණ ඡායාරූප වලින් හෝ චිත්‍ර වලින් සැකසිය හැකිය.

20. කවි පොත් චිත්‍ර සහිත හෝ රහිත විය හැකිය. එහෙත් ඒවා පරිගණක phlip art නොවිය යුතුය. 

21. දෘඩ පිටපත් wire binding මගින් අමුණා තිබිය යුතුය. මෘදු පිටපත් (CD) සංයුක්ත තැටි මගින් ඉදිරිපත් කළ යුතු අතර පලාත් කාර්යාලය මගින් තෝරාගනු ලබන පොත් වල මෘදු පිටපත පහත දක්වන විද්‍යුත් තැපෑලට pdf ලියවිල්ලක් ආකාරයට එවිය හැකිය. 

22. පාසල මගින් ඉදිරිපත් කරනු ලබන සියලු පිටපත්වල මෘදු පිටපත කලාප කාර්යාලය වෙත විද්‍යුත් තැපෑලෙන් ද යැවිය හැකිය.

23. වෙනත් අයකු පළකර ඇති කිසිදු කරුණක් අවසරයකින් තොරව පළ නොකළ යුතුය. වෙනත් අයෙකුගේ නිර්මාණයක් ඉදිරිපත් නොකළ යුතුය.

24. 11 සිට 13 ශ්‍රේණි කාණ්ඩය සඳහා විෂයානුබද්ධ පොත්, ව්‍යාපෘති හෝ පර්යේෂණ ද ඉදිරිපත් කළ හැකිය. 

25. එවැනි පොත් පත් ඉදිරිපත් කරන දරුවන් සඳහා පහත 26 සිට29 දක්වා වන නිර්ණායක අනුගමනය කළ යුතුය.

26. විෂය කරුණු සහිත පොත් සඳහා පැහැදිලි කිරීම් අවශ්‍යම අවස්ථාවල පමණක් ඡායාරූප හා චිත්‍ර ඇතුළත් කළ හැකිය.

27. එම කාණ්ඩයේ ඉදිරිපත් කරනු ලබන පොත්පත් අතර ව්‍යාපෘති හෝ පර්යේෂණ ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා ද ඔබට අවසර ලැබේ. ඒ සඳහා වන ආචාර ධර්ම ඔබ විසින් පිළිපැදිය යුතුය.

28. උපුටා ගැනීම් දැක්විය යුතුය. ඒ සඳහා ආශ්‍රිත ග්‍රන්ථ නාම ලේඛනයක් ඇමිණිය යුතුය. ආශිත ග්‍රන්ථ පළකිරීම APA ක්‍රමය හෝ Hawerd ක්‍රමය යන දෙකෙන් එකක් භාවිතා කර සිදු කළ යුතුය.

ඔබට අවශ්‍ය නම් පහත උදාහරණය බලන්න. 
කතුවරයාගේ නම _ පී තේනබදු 
වර්ෂය - 1959
පොතේ නම - සිංහල රචනය හා සාහිත්‍ය රසාස්වාදය 
ප්‍රකාශකයා - කොළඹ ඇපොතිකරීස් සමාගම
ප්‍රකාශිත නගරය - කොළඹ. 
මෙම තොරතුරු ආශ්‍රිත ග්‍රන්ථ නාම ලේඛනයක සඳහන් කරන්නේ මෙසේය. තේනබදු, පී . (1959 ). සිංහල රචනය හා සාහිත්‍ය රසාස්වාදය. කොළඹ : ඇපොතිකරීස්. යන ආකාරයට ය.

29. වෙනත් ඇමිණුම් දක්වන විට එම ඇමිණුම් වලට අංකයක් ලබාදෙන්න. අංක පිළිවෙළට ඇමිණුම් එකතු කරන්න. එම ඇමිණුම් අංක අවශ්‍ය අවස්ථාවල විමසා බැලීම සඳහා සුදුසු පරිදි සංවිධානාත්මකව පොතෙහි පැහැදිලිව ඉදිරිපත් කරන්න.

30. පොතේ පිටු පිළිවෙල කිරීම පහත පරිදි සිදු කරන්න. 

1. මුල් පිටුව (මාතෘකාව හා කතුවරයාගේ නම මුල්පිටුවේ චිත්‍රය සමග තිබිය හැකියි.) 

2. දෙවන මුල් පිටුව - ඝන පිට කවරය ට අමතරව එවැනිම මුල් පිටුවක් සකස් කරන්න. (පොතේ නම, කතුවරයාගේ නම, ප්‍රකාශකයාගේ නම සහිතව) 

3. පිදුම - ඔබට අවශ්‍ය අයෙකුට පොත පිදිය හැකිය. "මගේ මෙම පොත ................වෙත ඉතා ආදරෙන් පුදකරමි" වැනි වැකියක් යොදා ගත හැකිය. 

4. ස්තුතිය - මෙම පොත එළිදැක්වීමට ඔබට උපකාර කළ අයට ස්තූතිය පළ කිරීමට යොදාගැනේ. (A -4 පිටුවකට සීමා විය යුතුය.) 

5. පෙරවදන - පොත හා කතුවරයා පිළිබඳ ලියන ලද විස්තරයකි. 
(A 4 පිටු දෙකකට වඩා යොදා නොගැනීමට වගබලා ගතයුතුය.)

6. පටුන - ප්‍රධාන මාතෘකා අනුමාතෘකා පිටු අංක සහිතව දැක්විය යුතුය. (ළමා කතන්දර පොත් සඳහා අදාල නොවේ.)

මේ දක්වා පිටු අංක කිරීම රෝම ඉලක්කම් වලින් කළ යුතුය. ඉන්පසුව අරාබි ඉලක්කම් වලින් පිටු අංක කරන්න. 

7. පරිච්ඡේද හෝ කොටස් - පළමු පරිච්ඡේදයේ හෝ කොටසේ සිට අවසානය දක්වා පරිච්ඡේද හෝ කොටස් වෙන් වශයෙන් තිබිය යුතුය. පරිච්ඡේද හෝ කොටස්වල අනුපිළිවෙලක් තිබිය යුතුය. එය ඔබේ පොතෙහි ක්‍රමානුකූල ගලායාම පැහැදිලි කරනු ඇත.

පොදු නිර්නායක

🔹 මැයි මස 28 වන දිනට පෙර ග්‍රන්ථකරණය නිම කළ යුතුය.

🔹පාසැලේ කමිටුවක් මගින් හොඳම ග්‍රන්ථය තෝරා කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ජුනි මස 10 වෙනිදාට පෙර බාරදිය යුතුය. 

🔹 කලාප අධ්‍යාපන කාර්යාල මගින් ජුනි මස 15 දිනට ප්‍රථම සියලු ග්‍රන්ථ පළාත් අධ්‍යාපන කාර්යාල වෙත ලබා දිය යුතුය

🔹ජුනි මස 25වන දින වනවිට පළාත් අධ්‍යාපන කාර්යාල විසින් එම ග්‍රන්ථ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එවිය යුතුය.

🔹ප්‍රථම අදියරේ දී තෝරා ගන්නා ග්‍රන්ථ 10,000 විද්‍යුත් ග්‍රන්ථ බවට පත් වී විද්‍යුත් පුස්තකාලයට ඇතුළත් කරනු ලැබේ.

🔹සුදුසුකම් ලත් නිර්දේශ කමිටුවක් මගින් හොඳම ග්‍රන්ථ 100 තෝරාගෙන මුද්‍රණය කර රාජ්‍ය සම්මාන පිරිනමනු ලැබේ. මෙම පොත් මුද්‍රණය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය එක්ව කටයුතු කරනු ලැබේ.

මෙම සම්පූර්ණ කාර්ය සම්බන්ධීකරණය කරනු ලබන්නේද අධ්‍යපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය මගිනි.
ReplyReply allForward
Posted by Sri Gnanodaya Central College Divulapitiya at 11:13 PM
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

No comments:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

About Me

My photo
Sri Gnanodaya Central College Divulapitiya
View my complete profile

Blog Archive

  • ▼  2020 (149)
    • ►  June (12)
    • ►  May (71)
    • ▼  April (66)
      • Sinhala-Grade 11
      • Sinhala-Grade11
      • Chemistry-Grade13
      • ET-Grades12/13
      • Grade 13-Economics
      • Grade 12 & 13 - Drama & Theater - නාට්‍ය රඟහල් 2 කොටස
      • Grade 12 & 13- Drama & Theatre - නාට්‍ය රඟහල් 1 කොටස
      • Grade 12 ICT
      • Grade11 -Science
      • Grade10 science
      • grade7 Science
      • Grade6 Science
      • Grade7-MathsEnglish Medium
      • Grade 10 Maths English Medium
      • Grade6 Maths English Medium
      • Maths-Grade 11
      • Maths-Grade8
      • Grade10-Science
      • Grade11-Science
      • Grade 13 Physics-ප්‍රත්‍යස්තථාව 1
      • Grade 13 BST
      • Grade 12 BST
      • Grade8-Dancing
      • Grade9 -Dancing
      • Grade11-Sinhala
      • Grade7-Science-English Medium
      • Grade11-English
      • Economics-Grade 13
      • Grade-11 Maths-English Medium
      • Grade 12 ICT
      • Grade 13 ICT
      • Grade7-Science
      • Grade 6-Science
      • Grade 6-Science
      • Science-Grade 9
      • Science-Grade 8
      • Grade 8-Maths
      • Grade 9-Maths
      • Tamil-Grade-7
      • Tamil-Grade8
      • Science-Grade 10&11 English medium
      • Grade 9-Maths
      • Grade 8-Maths
      • Drama-Grade 8
      • Drama-Grade 10
      • Grade 8-Maths
      • රටක් වටින පොතක්
      • Grade 11 Maths-English Medium
      • Grade 10 Maths
      • Grade 9-Sinhala
      • Grade11 History
      • Grade8-Maths-English Medium
      • Grade11-Science
      • grade 9 Maths
      • Grade11-Drama
      • grade 7-Drama
      • Grade 6 -Drama
      • Grade 9 -drama
      • Grade10-Drama
      • Grade 11-Maths
      • English medium -Maths-grade6
      • Software Competition
      • ICT-Grade 10& Grade 11
      • Grade 9 English Medium Maths
      • 6 ශ්‍රේණිය -තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
      • Message from the Principal
Simple theme. Theme images by luoman. Powered by Blogger.